එක් අයෙකුට සතොසෙන් සීනි කිලෝ තුනක් ගන්න පුළුවන්

0
349

ඕනෑම සතොස ශාඛාවකින් පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.

නව උපරිම සිල්ලර මිල වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට ද, මිලදී ගත හැකි බවත් සතොස සතුව අවශ්‍ය තරම් සීනි තොග තිබෙන බවත් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කළේය.

සතොසෙන් එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here