එක එක බාර්වල අරක්කු එක එක ගණන්

0
2380

මත්පැන් වලට අදාල බදු ප්‍රතිශතය වැඩිකිරීමත් සමග මත්පැන් මිල ඉහලයාම ඊයේ වාර්තා වීමත් සමග ලංකාව පුරා එක එක  බාර්වල අරක්කු එක එක ගණන් බව වාර්තාවිය.

ඇතැම් මත්පැන් අලෙවිසැල් වල පරණ ගණනටම අරක්කු සහ බියර් විකිණීම සිදුවූ අතර අනෙකුත් අලෙවිසැල් ඊයේ සිටම නව මිලට විකුණන්නට පටන්ගෙන ඇත. කෙසේ වෙත්ත තවමත් රජයෙන් නිල නිවේදන අදාල මත්පැන් අලෙවිසැල් වලට ලැබී නොමැතිව තිබියදී මේවා මෙලෙස එක එක ගණන් වලට විකිණීම බරපතල ගැටළුවක් බවට පත්ව ඇත.

එසේම අරක්කු සහ බියර් මිල විශාල ප්‍රමාණයකින් ඉහල යාමත් සමග විකල්ප නිෂ්පාදන හෙවත් නීතිවිරෝධී මත්පැන් වෙත වැඩි පිරිසක් යොමුවීමට ඉඩඇති බව මගතොට කතාබහ වලින් මතුවෙන ප්‍රශ්නයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here