එක ගවයෙක් විසින් සිදුකරන විනාශයට සමස්ථ ගවයින්ටම බැන වැදීම සාධාරණ නෑ

0
255

ආණ්ඩුව කෙරෙහි පැවති ජනතා විශ්වාසය කිසිදු අයුරකින් හෝ අඩුවී නැතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉටු කිරීම සදහා රජය නිරන්තරයෙන් කැපවෙන බවයි ඔහු අවධාරණය කරන්නේ. අද පෙරවරුවේදී මහනුවරදී අදහස් දක්වමින් පියල් නිශාන්ත මහතා මේ බව කියා සිටියා.

මේ අතර ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් අතර ඇතිවී මේ දිනවල ඇති වී තිබෙන මතවාදී තත්වය සම්බන්ධයෙන්ද පියල් නිශාන්ත මහතා සිය අදහස් පළ කළා.

එක ගවයෙක් විසින් සිදුකරන විනාශයට සමස්ථ ගවයින්ටම බැන වැදීම සාධාරණ නොමැති බව වැඩිදුරටත් ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here