එක පවුලක්එකතු වෙලා රට විනාශ කරනකං බලං ඉන්න එපා. රට වෙනුවෙන් සියලුම දෙනා පෙරට එන්න

0
729

වගකීම් විරහිත එක් පවුලකගේ අකටයුතු හේතුවෙන් ඉතිහාසයේ අඳුරුතම යුගයක් කරා රට ගමන් කරමින් ඇති බවත් එවැනි පවුලකට අපේ රටත් ආර්ථිකයත් තවදුරටත් ගොදුරු කිරීමට ඉඩදිය යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විනාශය කරා යමින් ඇති මාතෘභූමිය බේරා ගැනීමට සෑම සියලූ දෙනා වහා පෙරට පැමිණිය යුතු බවත් ඒ සඳහා නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් හෙතෙම කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

“අද වන විට ආර්ථිකයේ විශාල කඩා වැටීමක් තිබෙනවා. ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය රටට විනාශයක් කැඳවන බව අපි දිගින් දිගට පෙන්වා දුන්නා.

ඒ වගේම ආර්ථික අර්බුදය විශාල ලෙස තීව‍්‍ර කරන බව පෙන්වා දුන්නා. මේ වන විට මහ බැංකු අධිපතිවරයා ඩොලරය පා කරන ලෙසට නියෝගයක් ලබා දී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස දින දෙකක් තුළ රුපියල විශාල ලෙස කඩා වැටුණා.

එය අපේ රටේ ආර්ථිකයට කිසිසේත් ඔරොත්තු නොදෙන තත්වයක්. එය විසින් රට තුළ විශාල කම්පනයක් ඇතිකර තිබෙනවා. අප රටට ලැබෙන විදේශ සංක‍්‍රාම නොලැබීමේ අවදානම අප පෙන්වා දුන්නා.

ඒ අවස්ථාවේ ඩොලරය යම් ප‍්‍රමාණයකට නිදහස් කළේ නම් අද වන විට ඩොලරය 220-225ත් මුදලක රඳවා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුවට නිසි දැක්මක් තිබුණේ නැහැ. ඔවුන් අර්බුදය මෝරන්න ඉඩ දුන්නා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here