එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය බලකා මුල් පුටුවේ පෙර වැරදි බැලුවා ද? කතෝලික අගරදගුරු සමුළුව අසයි

0
448

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම පිළිබඳව දැඩිව අවධාරණය කරමින් කතෝලික අගරදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එක රටක් එක නීතියක් යන සංකල්පය රාජ්‍ය පරිපාලනයට අනුපූරක ලෙස රටේ ව්‍යවස්ථාව හා බැඳී පැවතිය යුතු නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් මගින් අහුලාගත් පිටස්තර පුද්ගලයින් යොදාගෙන මේ සිදු කරන්නේ නීත්‍යානුකූල ව්‍යවස්ථාදායකය නොසලකා හැරීමක් බව ඔවුහු පවසති.

එම නිවේදනයේ අවධාරණය කරන්නේ ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු බවය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here