එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ජනාධිපති කාර්ය සාධක බලකායට නෙවෙයි, පාර්ලිමේන්තුවට – රැවන්

0
302

එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය.

රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට”එක රටක් එක නීතියක්” සඳහා ද අදාළ නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ යුතුකමක් බව කී රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නැති කිරීමට දීපවාලී මංගල්‍යයේ ආලෝකය ඉවහල් වේවායි ප්‍රාර්ථනා කරන බවද පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන නීති වලට අනුකූලව පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here