එක රටක එක නීතියක් ක්‍රියාත්මක නම් ඊයේ සුරා සැල් විවෘත කළේ මොන නීතියෙන්ද ?-ජාතික සංඝ සම්මේලය

0
346

එක රටක එක නීතියක් යනුවෙන් පාලකයින් සමාජ ගත වුවද එය එලෙසම ක්‍රියාත්මක වෙනවාද යන ප්‍රශ්නාර්ථය යළිත් වරක් ඊයේ දින මතු වූ බව ජාතික සංඝ සම්මේලයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ පවසති.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා නොහැකි,ජීවිකාව කරගත නොහැකි තත්ත්වයක මත්ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසල් විවෘත වූයේ කුමන නීතියකට යටත්වද යන්න උන්වහන්සේ ප්‍රශ්න කර සිටිති.

”එක රටක් එක නීතියක් කියල මේ රටේ පාලකයින් සමාජ ගත වුණාට එක රටක එක නීතියක් ක්‍රියාත්මක වෙනවාද කියන කුතුහලය අද සමාජ ගත වෙලා ඉවරයි. පොදු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක්වත් පෞද්ගලිකව විකුණගන්න බැරි වකවානුවක ඒ වගේම තමන්ගේ ජන ජීවිතය සාධාරණ ලෙසින් සමාජගත කරගන්න බැරිව මිනිසුන්ගේ ජීවිකාව ගෙනියන්න බැරි අවස්ථාවක ඊයේ සිදුවුණ ඉතාම පහත් ඛේදජනක කවුරුත් කතාකරන ක්‍රියාවලියක් බවට පත්වුණා එකපාර ඇල්කොහොල් මත්ද්‍රව්‍ය විකුණන බාර් විවෘත කිරීම. එය වුණේ මොන නීති යටතේද කියන එක ඊයේ ප්‍රශ්නාර්ථයක් බවට පත්වුණා. අද උදේ මාධ්‍ය දිහා බැලුවහම පෙනෙන්න තිබුණ දෙයක් තමයි එහි වගකීම කිසිකෙනෙක් භාරගෙන නැති බවක්.”

මේ අතර මහ මඟ අරගල කරමින් ජිවිත කැපකරමින් පෞද්ගලික ධනය වියදම කරමින් 69 ලක්ෂයක ජනතාව මේ පාලකයින් බලයට පත් කළද පොරොන්දු වූ ආකාරයට ක්‍රියාත්මක වෙනවාද කියන ගැඹුරු ප්‍රශ්නාර්ථය මතුව තිබෙන බවද උන්වහන්සේ අවධාරණය කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here