Monday, January 13, 2025

එක වැවකින් ලක්‍ෂ 15ක් ඉල්ලූ රාජ්‍ය ඇමති කවුද ?

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දී එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ට රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවිය යුතු යැයි ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.


එම දිස්ත්‍රික්කයේ වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේදී එහි රාජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ලබා දිය යුතු බවට ප්‍රියංකර ජයරත්න සහ අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ‍සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම කොල්ලකෑම ගොවි ජනතාවට කරන අසාධාරණයක් බවත් අදාල ඇමතිවරු කැඳවා ප්‍රශ්න කරන ලෙසත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.


කෙසේ වෙතත් තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත් එය පැවසුවේ ප්‍රියංකර මහතා බවක් රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා එහිදී පැවසීය.


අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරන ලද්දේ ඒ පිළිබඳව ඇතැම් පැමිණිලි ලැබී ඇති බවත් ඒ ගැන ක්‍රියාත්මක වීමට මෙම විමර්ශන අංශය පිහිටුවා ඇති බවත්ය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles