Sunday, September 22, 2024

එජාපයේ අනාගතය ගැන හිතයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් කරමින් අනාගත ජයග්‍රහණ වෙනුවෙන් නව දේශපාලන උපාය උපක්‍රම පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පුළුල් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ තිබෙන මේ කමිටුවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ තරුණ දේශපාලඥයින් රැසක් ඇතුළත් වෙති.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් කරන අතර අලුත් පරම්පරාව ආකර්ශනය කර ගනිමින් අනාගත දේශපාලන ජයග්‍රහණ තහවුරු කරන අලුත් දේශපාලන උපාය මාර්ග නිර්දේශ කිරීම කමිටුවේ වගකීම සහ කාර්යභාරය වේ.

මේ අනුව 2017 නව වර්ෂයේදී නවීණ ලෝකයට අලුත් පරම්පරාව සහ නව කාලයට අනුව එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මේ කමිටුවේ සභාපති මලික් සමරවික්‍රම, භාණ්ඩාගාරික ඉරාන් වික්‍රමරත්න,විදේශ කටයුතු ඇමති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන,විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂද සිල්වා, විදුලි සංදේශ ඇමති හරීන් ප්‍රනාන්දු සහ ජාතික යොවුන් පෙරමුණේ සභාපති දොස්තර කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළත් පිරිසක් ඇතුළත් වෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles