එජාපයේ අනාගත දේශපාලන කටයුතු මෙහෙයවන හඳුන්වා දීම නායකයින් ජනවාරියේ සිට

0
272

එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතු මෙහෙයවන නායකයින් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ජනවාරි මාසයේ ආරම්භ කෙරෙන බව එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තරුණ නායකයින් ප්‍රකාශයට පත් කරන බව හෙතෙම කීය.

තරුණ දේශපාලන නායකයන් හඳුනාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සභාපති වචන අබේවර්ධන මහලේකම් රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් සිදුකරනු ලබද හෙතෙම කීය.

එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දෙන තරුණ නායකයින් ජනවාරි මාසයේ සිටම පක්ෂ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here