Friday, January 10, 2025

එජාපයේ 75ට රට ගොඩගන්න ලොකු වැඩකට මුල පුරයි

75 වසරක් පිරෙන එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම මේ රටේ අනාගත තරුණ පරම්පරාව ආරක්ෂා කරමින්, අනාගත තරුණ පරම්පරාවට ජාත්‍යන්තරය ලෝකය සමග ක්‍රියා කරන්න පුළුවන් ස්ථානයක් බවට පරිවර්තනය කරමින්, රට ගොඩනැගීමට පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බව එ.ජා.ප. සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම පිළිබඳව අභයාරාමයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“තරුණ තරුණියන්ට මේ රටේ අනාගත බලාපොරොත්තුවක් නැති රටක් නිර්මාණය වෙමින් තිබෙන අවස්ථාවක, තරුණ පරම්පරාව ශ්‍රී ලංකාවෙන් පිට වී කොහේ හෝ රටකට ගමන් කරන්නේ කෙසේද යන සිතුවිල්ල පදනම් වෙලා තිබෙන සමාජයක, එක්සත් ජාතික පක්ෂයට 75 වසර පිරෙන මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කරනවා අන්න ඒ පරම්පරාව ගැන හිතලා විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජාතික සැලැස්මක් හා දැනුමේ ආරක්ෂාවට, පරිසර ආරක්ෂාවට ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කරලා ඉදිරියට මේ පක්ෂය මෙහෙයවන්න. ඒ සඳහා අපි විශේෂයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින අපේ පක්ෂයේ සියලුම ක්‍රියාකාරීන් කෝවිඩ් වසංගතයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ඔන්ලයින් පක්ෂයක් බවට පරිවර්තනය කිරීම රනිල් වික්‍රමසිංහ නායකතුමා පසුගිය මාස කිහිපය තුළ සිදු කළා. වර්තමානයේ තිබෙන කෝවිඩ් වසංගතයට මුහුණ දිය හැකි ඔන්ලයින් දේශපාලන පක්ෂයක් බවට එතුමා පසුගිය මේ මාස දෙක තුළ මේ පක්ෂය පත් කරලා තිබෙනවා. එතුමා තැබූ එහි පළමු පියවර හැටියට අපි ශ්‍රී ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම, සෑම මැතිවරණ කොට්ඨාශයකම, සෑම ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් එක්කම, සෑම ප්‍රා.සභා අපේක්ෂකයෙක් එක්කම අපේ ක්‍රියාකාරීන් සහ මුළු ලංකාවම දැනුවත් කරලා අවසන් කිරීමේ ක්‍රියාවලිය සිදු කරමින් ඉන්නවා.

මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ උතුරත්, නැගෙනහිරත්, දකුණත් සියළුම පක්ෂ සංවිධානද තාක්ෂණය ඔස්සේ දැනුවත් කිරීම අවසන් කරමින් තිබෙනවා. ඒ අනුව එම  දැනුවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පුරා වෙසෙන සියලුම දෙනා මේ කෝවිඩ් වසංගතය හරහා පක්ෂය කඩා වැටෙන්න ඉඩ නොදී මුළු ලංකාවම දැනුවත් කරමින් 05 වෙනිදා සවස 05 ත් 06 ත් අතර පැයක කාල සීමාව තුළ පක්ෂයේ ඉතිහාසයත්, පක්ෂයේ අනාගතයත්, වර්තමානයත් පැහැදිළි කිරීම් සිදු කරන ගමන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා එය ජාතිය හමුවේ, පක්ෂය හමුවේ, සියලු ජන කොටස් හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය පිරීමත් සමගම තරුණ පරම්පරාව සමග ඉදිරියට යාමට නව ජාතික වැඩපිළිවෙලක්

ආර්ථිකය ගොඩගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය හදලා දීපු කටුනායක, බියගම, කොග්ගල නිදහස් වෙළඳ කලාපවල නම් ප්‍රශ්නය, ඒ මගින් නම් විදේශ විනිමය ලැබෙන්නේ ඒක නම් ප්‍රශ්නය ඒකට විසඳුමක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙන්න පුලුවන්. ඊට වඩා වටිනවා මහජන ජීවිත. 75 වසරක් පිරෙන වෙලාවේ එතුමා ඒ කළ පිංකමත් මහඟු පිංකමක් ජාතියට. එතුමා ඒකයි තදින්ම කිව්වේ රට වහා වැසිය යුතුයි කියුවේ. එයම තමයි විශේෂඥ මතය, එයම තමයි වාත්තියව්දීන්ගේ මතය, එයම තමයි මේ පිළිබඳ විද්‍යානුකූලව ප්‍රකාශ කරලා තියෙන මතය. එසේනම් එක්සත් ජාතික පක්ෂයට 75 වසරක් පිරෙන වෙලාවේ හරක් නිදහස් කරලා සමාජ ප්‍රදර්ශනය කරන දේශපාලන විද්‍යාවට මහජන ජීවිත නිදහස් කරලා බේරා දෙන්න කියන පණිවුඩය රනිල් වික්‍රමසිංහ මහතා ජාතියට ප්‍රකාශ කරලා තියෙනවා. එයයි අපේ ප්‍රතිපත්තිය. එයයි අ‍පේ ගමන්මග. 75 වසරක් පිරෙන එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම මේ රටේ අනාගත තරුණ පරම්පරාව ආරක්ෂා කරමින්, අනාගත තරුණ පරම්පරාවට ජාත්‍යන්තරය ලෝකය සමග ක්‍රියා කරන්න පුළුවන් ස්ථානයක් බවට පරිවර්තනය කරමින් අපේ වැඩකටයුතු සාර්ථකව අවසන් කරනවා. ඒ වගේම මේ වැඩපිළිවෙලින් පසුව, සැප්තැම්බර් 06 වෙනිදායින් පසුව ලංකාවේ සියලුම ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරමින් ජාතික සැලැස්මක්, ජාතික ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන්න කැමතියි.” යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles