එජාපය සත්‍යග්‍රහයකට සැරසෙයි

0
294

යහපත් හෙටක් අපේක්‍ෂා කරමින් එක්සත් ජාතික පක්‍ෂය මාර්තු 25 වැනිදා ප. ව. 3.00ට කොළඹ හයිඩ් පිටියේදී සාමකාමී සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් පවත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

සුදු ඇඳුමෙන් සැරසී මෙම සත්‍යග‍්‍රහයට එක්වන ලෙස සියලූ ජන කොටස්වලට ආරාධනා කරන බව ද ඔහු කීය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ඇතුළු පක්‍ෂයේ සියලූම නායකයෝ හා ක‍්‍රියාකාරීහු ද මෙම සත්‍යග‍්‍රහයට එක්වෙති.

මහත්මා ගාන්ධිතුමා එදා දියත් කළ අවිහිංසාවාදී ව්‍යාපාරය මෙන් සිය පක්‍ෂය ද ජනතාව පෙළගස්වමින් ඉදිරියට කටයුතු කළ යුතු බවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

කඩාවැටී ඇති ආර්ථිකය වෙනස් වී, මුහුණ දී ඇති ප‍්‍රශ්න ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් තුළ විසඳා ගැනීම මෙහිදී අවධාරණය කරන බව ද අබේවර්ධන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here