එජාප නව නිල මඬුල්ල වැඩ භාර ගැනීමේ උත්සවයට නවීන්, රවි, අර්ජුන හා දයා නෑ

0
747

එක්සත් ජාතික පක්‍ෂයේ නව නිලධාරි මඩුල්ල වැඩ භාරගැනීම නිමිත්තෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවති උත්සවයට හිටපු මන්ත‍්‍රීවරුන් වන එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක, රවී කරුණානායක, අර්ජුන රණතුංග හා දයා ගමගේ යන මහත්වරුන් පැමිණ සිටියේ නැත.
 
 මෙම සිව්දෙනා අතරින් දයා ගමගේ මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස පත්ව සිටියද උත්සව අවස්ථාවට ඔහුද සහභාගි නොවීය.
 
 පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නව නිලධාරි මණ්ඩලයට පත්වීම් ලිපි ලබාදීම මෙහිදී සිදු වූ අතර පක්‍ෂය ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීම ඇතුළු ඉදිරි වැඩකටයුතු මේ මස අවසානයේ සිට ආරම්භ කරන බව උත්සවය අමතමින් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
 
 නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, භාණ්ඩාගාරික එම්. එස්. එම්. මිස්බා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here