Saturday, December 28, 2024

එජාප මහලේකම්ගෙන් හිටපු ජනපතිට චෝදනා පත්‍රයක් ?

යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවුවැදෑරුම් චෝදනා පත්‍රයක් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

ශ්‍රී ලංකේය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් දරුදැරියන්ට ටැබ්  පරිගණක ලබා දෙන්නට උත්සාහ කරන විට එය නතර කිරීම,ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබියදී දින 52 කුමන්ත්‍රණය නිර්මාණය කොට එම ප්‍රශ්නය විසඳීම කඩාකප්පල් කිරීම,පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ආරක්ෂාව පිළිබඳ වගකීම කිසිවකුටත් පවරන්නේ නැතිව විදේශගත වී සිටීම, මරදගහමුල සහල් වෙළෙඳ පොළ බිඳ වට්ටවා පොලොන්නරුවේ සහල් ඒකාධිකාරියක් නිර්මාණය කිරීම යන්න ප්‍රධාන චෝදනා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එල්ල කරන බවද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම කරුණු සම්බන්ධයෙන් ඕනෑම ප්‍රසිද්ධ මාධ්‍යයක මුහුණට මුහුණ සංවාදයකට තමා සූදානම් බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

මෙම සිව් වැදෑරුම් චෝදනා මාලාවේ අඩංගු කර ඇත්තේ යහපාලන ආණ්ඩුවට කළ දහසකුත් එකක් බාධා කිරීම් වලින් අතලොස්සක් පමණක් බව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කීය.

ලංකාදීප

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles