ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු රටක් තම ජාතික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ආර්ථික මෙවලම්වල සමස්ත පරාසයක් යොදා ගැනීමයි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වයට අයත් වන්නේ ආර්ථික ක්‍රියාවන්ය. එයට අපනයනය, ආනයනය, ආයෝජනය, ණයදීම හා ගැනීම, ආධාර සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ආදිය ඇතුළත් වන නමුත් ඒවාට සීමා වන්නේ නැත.
ඉන්දියාව
ඉන්දියාව ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ යෙදෙන්නේ මූලික වශයෙන් වෙළෙඳාම හා ආධාර යොදා ගනිමිනි. එරට 2012 ජනවාරියේදී තම ආණ්ඩුව තුළ ආර්ථික අංශයක් ස්ථාපනය කළේය. සංවර්ධන සහකරුවන් කළමනාකරණය ඉන්දියාව ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වයට යොදාගන්නා මූලික ක්‍රමවේදයයි. එහිදී සංවර්ධන ආධාර රාජ්‍ය තාන්ත්‍රික ලෙස යොදා ගනු ලබයි. ශ්‍රී ලංකාවේ නිවාස 50,000 ක් ඉදිකිරීම සංවර්ධන හවුල්කරුවන් පරිපාලනය කිරීමේ එක් අවස්ථාවකි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික බව හා සංවර්ධන හවුල්කරුවන් පරිපාලනය ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේදී ඉතා වැදගත්ය.
නායකත්වයේ විශ්වාසනීය බව
අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගවත් ගමනක යෙදෙන්නේ ආර්ථික සංවර්ධනයට අවස්ථා සලසමිනි. ඔහුගේ වැඩපිළිවෙළට ඉලක්කගත කර්මාන්තකරණය, වාණිජ හා කාර්මික සංවර්ධනය මෙන්ම මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය, දුම්රිය මාර්ග පහසුකම් සහ පොදු ප්‍රවාහනය, බලශක්ති වැඩසටහන් හා ව්‍යාපෘති මඟින් (පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව) මාර්ග ආලෝකවත් කිරීම, විදුලිය බෙදාහැරීම, විදුලි කාර්යක්ෂමතා වැඩසටහන්, සංචාරකයන්ගේ පැමිණීම වැඩදියුණු කිරීම, බටහිර රටවල පිළිගැනීම ලබාගැනීම ආරම්භ වීම සහ ආණ්ඩුවේ ස්ථාවර බව ආදී බොහෝ දේ ඇතුළත් අතර ඒ සියල්ල මඟින් ජීවන මට්ටම් ඉහළ දැමීම සිදුවනු ඇත. එලෙස ශ්‍රී ලංකාව සංවර්ධනයේ ආර්ථික මාවතට පැමිණ ඇත.
සංවර්ධනය සඳහා ආර්ථික විද්‍යාව
ආර්ථික සංවර්ධනයේ තත්ත්වය පෙන්නුම් කරනුයේ ඒක පුද්ගල ආදායමේ හෝ දළ ජාතික නිෂ්පාදිතයේ වැඩිවීම මගිනි. වර්තමානයේදී ආර්ථික වර්ධනය ලෙස හඳුන්වනු ලබන්නේ රටෙහි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ තිරසාර වර්ධනයයි. වඩා නිශ්චිතව කිවහොත් ඒක පුද්ගල නිෂ්පාදනයයි. නිෂ්පාදනය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙනි. ආර්ථික සංවර්ධනය යන්න වඩාත් පුළුල් ය. එයින් රටක සමාජ – ආර්ථික ව්‍යුහයෙහි ප්‍රගතිශීලී වෙනසක් අදහස් වෙයි. එබැවින් සංවර්ධනයේ අරමුණ සසඳන විට ආර්ථික වර්ධනයේ වේගවත් වෙනසක් අවශ්‍යය. සම්පත්වල විශාල යොමුකිරීමක් සහ ඒවායේ නිෂ්පාදකතාව ඉහළ නැංවීමක් මඟින් නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කළ හැකිය.
සංවර්ධන ක්‍රියාවලිය වඩාත් සංකීර්ණය. නිෂ්පාදනය ඉහළ දැමීමට අමතරව එයට නිෂ්පාදනයේ අඩංගු කොටස්වල වෙනස්කම් ඇතිකිරීම, නිෂ්පාදක සම්පත් වෙන්කිරීමේ වෙනස්කම් මෙන්ම දිළිඳුකම, විෂමතාව හා රැකියා වියුක්තිය තුරන් කිරීම හෝ අඩු කිරීම ආදිය ද ඇතුළත් වෙයි. සංකල්පයක් ලෙස ආර්ථික සංවර්ධනය දැකිය හැක්කේ මිනිසාගේ යහපැවැත්ම වැඩිදියුණු කරන පැතිකඩ ගණනාවකින් යුත් සංකල්පයක් වශයෙනි. ආහාර, නිවාස හා සෞඛ්‍ය වැනි ජීවන පැවැත්මේ අවශ්‍යතා නිපදවීම ඒවායේ බෙදාහැරීම පුළුල් කිරීම, ජීවන මට්ටම ඉහළ දැමීම හා පෞද්ගලික ස්වයං තෘප්තිමත් භාවය, ආර්ථික හා සමාජමය තෝරාගැනීම් පුළුල් කිරීම සහ බිය තුරන් කිරීම ද එයට ඇතුළත්ය.
එට්කා
එට්කා ගිවිසුම සම්බන්ධයෙන් බොහෝ දේ සාකච්ඡා වී ඇති අතර එහි ඇති අවාසි පිළිබඳව විශාල ලෙස අතිශයෝක්තියට නංවා හා අති විශාල කර පවසා ඇත්තේ මහජනයා බියපත් කිරීම සඳහාය. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සහාය අවශ්‍ය වන වෘත්තීයවේදී ක්ෂේත්‍ර දෙකක් විය හැක්කේ පරිගණක හා පරිගණක ආශ්‍රිත සේවා සහ නැව් නිෂ්පාදනය හා අලුත්වැඩියාවයි. මෙහිදී වැදගත් මෙවලමක් වන පර්යේෂණ සංඛ්‍යා දත්තවල බරපතළ අවශ්‍යතාවයක් පවතියි.
මෑත කාලයේදී නව නිෂ්පාදන කේන්ද්‍රීය තත්ත්වයකට පත්ව ඇත. කෙසේ වෙතත් ඉන්දියාව මුලදී වෘත්තීන් 20 ක් ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත කරනු ඇති අතර පසුව එය තවත් පුළුල් කරනු ඇත. කාර්මිකකරණය වූ රටවලට, අලුතෙන් මතුවන ආර්ථිකයන්ට මෙන්ම සංවර්ධනය වන රටවලට ද එක සේ වැදගත් වන ප්‍රතිපත්ති සම්පාදන මෙවලමක් වන්නේ පර්යේෂණ සංඛ්‍යා දත්තයි.
වෘත්තීයවේදීන්ගේ වුවමනාවන් දැඩි ලෙස ආරක්ෂා කිරීමට රටවල් ෙදකම එකඟ වී ඇත. ඇත්ත වශයෙන්ම, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමේ වර්ධනයක් ලෙස යෝජනා වී ඇති ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යථාර්ථයක් වේද යන්න ගැන ශ්‍රී ලංකාවේ ඇතැම් අංශ තවමත් බලන්නේ සැක සහිතවය.
මෙම තත්ත්වය අඟවමින් එට්කා ගිවිසුමේ විවේචකයන්ට හා එය සැක කරන්නන්ට ඉන්දියානු මහ කොමසාරිස් වයි. කේ. සිංහා ඉන්දියාවේ 70 වන නිදහස් දින සමරුව අවස්ථාවේදී ප්‍රකාශ කළේ විදේශ රටක් සමග තමන් අත්සන් කරන ඕනෑම ගිවිසුමක අඩංගු දෑ තීරණය කිරීම ශ්‍රී ලාංකිකයන් සතු කාර්යයක් වන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙයට සම්බන්ධ වන කොටස් අතර අවංක විවාදයක් සහ සංවාදයක් අවශ්‍යය. කොළඹදී පැවැති මෑත කාලීන සාකච්ඡා ගැන මහ කොමසාරිස් සිංහා ප්‍රකාශ කළේ ගිවිසුම අත්සන් කළ පසුව එය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වනු ඇති බවයි.
ද්විපාර්ශ්වික වෙළෙඳාම
ද්වි පාර්ශ්වික වෙළෙඳාම ගැන මහ කොමසාරිස්වරයා කීවේ පසුගිය වසරේ එය ඩොලර් බිලියන 4.6 ක් වූ බවත්, එයින් බිලියන හතරක් ඉන්දියාව ලංකාවට කළ අපනයන බවත්ය. ශ්‍රී ලංකාව ඉන්දියාවට කළ අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 645 කි. ශ්‍රී ලංකාවෙන් කළ අපනයන සියයට හැටක් පමණ වෙළෙඳ ගිවිසුමේ පහසුකම් යටතේ සිදුවූ නමුත් ඉන්දියාවේ අපනයනයෙන් සියයට අනූවක් සිදුව ඇත්තේ ගිවිසුමට පිටතින්ය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ ලේකම්වරුන්ගේ මට්ටමේ හතරවන සාකච්ඡාව දිල්ලියේදී පැවැත්විණි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දැනට ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි ඊළඟ මට්ටම වන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමෙහි රාමුව ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කළේය. එම යෝජිත රාමුවට අනුව නැව් නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණවේදීන් හැරුණු විට අන් කිසිදු අංශයක වෘත්තීයවේදී ශ්‍රමය නිදහසේ ගලාඒමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙනු ඇත.
අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුම
ප්‍රමිතීන් පිළිබඳව අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුමක් අත්සන් කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කළේය. ඒ හැරුණු විට ඉන්දියානු ප්‍රමිතීන්, නීතිරීති සහ ආරම්භක ස්ථාන සහතිකය ආදිය පිළිබඳව ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වැඩමුළු සංවිධානය කිරීම ද ඉන්දියානු පාර්ශ්වය විසින් සිදුකරනු ඇත.
සෘජු විදේශ ආයෝජන
ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම තුලනය වූ වෙළෙඳ පාර්ශ්වකරු ඉන්දියාවයි. 2014 වන විට දෙරට අතර සමස්ත ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 4.5 ක් ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවට ආනයන සිදුකරන ප්‍රධාන රට ඉන්දියාව වන අතර ලංකාවේ අපනයන සඳහා තෙවැනි විශාලතම වෙළෙඳපොළ ඉන්දියාවයි. එය ශ්‍රී ලංකාවේ ආයෝජන කරන රටවල් අතර පස්වන ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන වැඩිම ප්‍රමාණයක් ඇත්තේ ඉන්දියාවෙහිය.
එට්කා රාමුව
දෙරට අතර පවතින අසමමිතික බව තේරුම් ගනිමින් මෙම ශක්තිමත් පදනමේ සහයෝගිතාව ගොඩනැගීමට එට්කා මඟින් හැකිවනු ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම නීතිමය පදනමකින් සිදුකිරීමට ද ඉන්දියාව සමඟ ගැඹුරු ආර්ථික සහයෝගිතාවක් ගොඩනැඟීමේ රාමුවක් සැකසීම ද එට්කා මඟින් සිදුවනු ඇත. තවදුරටත් කරන සාකච්ඡා මඟින් රාමු ගිවිසුමෙහි අඩංගුව හා අරමුණු ගැන අවධානය යොමුකිරීමත් Òඉක්මන් ප්‍රතිඵලÓ ලෙස ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන සඳහා ඇති තීරු බදු නොවන සීමා බාධක ඉවත් කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
ඉන්දියාව තම ආර්ථිකය ලෝකයට විවෘත කොට ඇති අතර ඇතැම් නව ජාල ගොඩනඟාගෙන තිබීම ශ්‍රී ලංකාවට ද වාසිදායක වනු ඇත. දෙරටෙහිම යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන වියදම අඩුවනු ඇත.
ලංකා වාණිජ මණ්ඩලයේ සහයෝගය
ඉන්දියාවත් සමඟ අපගේ ආර්ථික සහයෝගීතාවය පුළුල් කරන හා ගැඹුරු කරන ගිවිසුමක් සඳහා තම සම්පූර්ණ සහාය දෙන බව ලංකා වාණිජ මණ්ඩලය නැවත සහතික වී ඇත්තේ එහිදී අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීම විධිමත් කළ යුතු බවත්, පැහැදිලි හා නිරවුල් සන්නිවේදනයක අවශ්‍යතාවත්, ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට ස්ථිරසාර කැපවීමක අවශ්‍යතාවයත් අවධාරණය කරමිනි. ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කළ නිවේදනය මෙසේය.
අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ හොඳින් සැලසුම් කළ වෙළෙඳ ගිවිසුම් මඟින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ අවශ්‍යතා වර්ධනය කර ගැනීමට ලංකා වාණිජ මණ්ඩලය දිගින් දිගටම සහාය පළකොට ඇත. ආර්ථිකය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ මූලධර්ම 10 හි මෙය පැහැදිලිව සඳහන් කොට ඇත්තෙමු. නීති පදනම් කරගත් රාමු තුළ ඇතිකර ගන්නා එබඳු ගිවිසුම් වෙළෙඳ හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීමේ මෙවලම් වන බව මණ්ඩලයේ විශ්වාසයයි.
ඉන්දියාව සමඟ යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය සතුට ප්‍රකාශ කරයි. යෝජිත එට්කා සම්බන්ධයෙන් පවතින වැරදි වැටහීම් තුරන් කිරීමට මෙම ප්‍රකාශය හේතුවනු ඇත. අපගේ මණ්ඩලය, දැන් මෙම එට්කා ක්‍රියාවලියේ නියැළී සිටින නිලධාරීන්ගෙන්, බලවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික අංශයේ අදහස් ලබාගැනීමේ හා තොරතුරු හුවමාරු කරගැනීමේ විධිමත් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසයි.
ශ්‍රී ලංකාව ඇතුළත් වන ඕනෑම ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික ආර්ථික ගිවිසුමක් මඟින් රටේ සමස්ත ආර්ථික අවශ්‍යතාවලට ආධාරවීමත් (පෞද්ගලික ව්‍යාපාරික අරමුණු සඳහා නොවේ) ආර්ථිකයේ ප්‍රමාණයේ වෙනස්කම් සැලකිල්ලට ගැනීමත්, දේශීය නියාමන පද්ධති යාවත්කාලීන වීම අවශ්‍ය කරන අවස්ථාවලදී නිදහස්කරණය සඳහා ක්‍රමානුකූල ක්‍රියාවලියක් ක්‍රියාවට නැඟීමත් සිදුවිය යුතුය. (උදාහරණයක් ලෙස වෘත්තීය සේවාවන්හි ස්වභාවික පුද්ගල සංචලනය වැනි)
මීට පෙර යෝජිත වී තිබූ සම්පූර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් සෙපා ගිවිසුමට මුහුණදීමට සිදුවූ අපහසුතාවලට වර්තමාන එට්කා ක්‍රියාවලිය ද ගොදුරුවීමේ අවදානම හොඳින් ව්‍යුහගත කරන ලද සහ අදාළ සියලු පාර්ශ්වයන් සහභාගි කරගන්නා සාකච්ඡා ක්‍රියාවලියක් මඟින් අවම කරගත හැකිය. පෞද්ගලික අංශයේ අදහස් ලබාගැනීමේ වඩා විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාවට නඟන ලෙස ආණ්ඩුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලින් අපි ඉල්ලා සිටිමු. එවිට පෞද්ගලික අංශයෙන් සාක්ෂි පදනම් කරගත් යෝජනා ලබා දීමට අපට හැකිවනු ඇත.
මහජනයාට අවබෝධය ලබාදීම සඳහාත්, ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් පෞද්ගලික අංශයේ වුමනාවන් හඳුනාගැනීමටත්, කලට වේලාවට අදාළ තොරතුරු ලබාදීමටත් කටයුතු කිරීම සඳහා ආණ්ඩුවේ (විශේෂයෙන්ම වාණිජ දෙපාර්තමේන්තුවේ) තාක්ෂණික විශේෂඥයන් උනන්දු කිරීම ද වාණිජ සංගමයට අවශ්‍යය. ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡාවල ස්වාභාවය නිසා ගිවිසුමේ අවසන් පිටපතක් ඉදිරිපත් කිරීමේ අපහසුතාවය අප පිළිගන්නා අතරම ඉන්දියාව සමඟ වෙළෙඳ, සේවා, ආයෝජන හා ආර්ථික සහයෝගීතාවය සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාව ඇතැයි අපි සිතමු. එමඟින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහසත් ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ග ගැනත් පැහැදිලි කිරීමේ හැකියාව ඇත. එට්කා සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන හා පිළිතුරු සපයන විමසුම් කවුළුවක් තනා එම කාර්යයටම වෙන්වූ වෙබ් අඩවියක් ආරම්භ කිරීම ගැන වාණිජ දෙපාර්තමේන්තුවට සලකා බැලිය හැකිය.
ඉතිරි කොටස ලබන සතියේ