Tuesday, September 24, 2024

එදා ආසාවෙන් ගහපු ක්‍රිකට් ගේම් එක නැවතත්

අපි හැමෝම ආසාවෙන් සෙල්ලම් කරපු ගේම් එකක් තමයි cricket 2007 මේ ගේම් එක ea sports ආයතනය විසින් නිර්මාණයක් කරලා දාපන් 2007 වසරෙන් පසු නැවත මෙහි අලුත්ම සංස්කරණය ක් ඔවුන් විසින් නිපද වූයේ නැත. cricket 2007 යනු ලංකාවේ සහ ක්‍රිකට් වලට ආදරේ කරන සියලුම රටවල් අතර ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවකි
නවතම ආරංචිය අනුව ea sports ආයතනය ක්‍රිකට් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණයන් නොකළත් මෙම වසරේ අලුත් cricket පරිගණක ක්‍රීඩාවක් නිපදවන බවට ලැබෙන ආරංචියයි

අළුබඳුන ක්‍රිකට් තරඟාවලිය ටෙස්ට් තරඟ 5කින් සමන්විත වෙනවා.

2017-2018 වසරවල පැවැත්වෙන තරඟාවලිය නොවැම්බර් 23 ඉඳන් 2018 ජනවාරි 8 වෙනකම් පැවැත්වෙනවා. ඉතින් මීට සමගාමීව තමයි Ashes Cricket අලුත් පරිගණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ. ඒ සඳහා කණ්ඩායම් දෙකටම අලුතින් එකතුවුණු ක්‍රීඩකයින්ගේ විවිධ ඉරියව් එකතු කරලා තියෙනවා වගේම ඔවුන් පන්දුවෙන් වගේම පිත්තෙන් දක්වන දස්කම් මේ ක්‍රීඩාවේ නිර්මාණාත්මක බව තවත් වැඩි කරලා තියෙනවා.

මේ ගේම් එක ගැන ඊයේ (17) මුල්වරට අනාවරණය කරලා තිබුණේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් නිල වෙබ් අඩවියෙන්. ඔවුන් මේ ගේම් එකට එකතු කරන අය අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වුණු ග්ලෙන් මැක්ස්වෙල් ඉදිරියෙන්ම ඉන්නවා. ඔහුගේ ඉරියව් පරිගණක අනුසාරයෙන් ගේම් එකත් එක්ක එකතු කරන හැටි දැක්වෙන වීඩියෝවකුත් ඔවුන් ඊයේ (17) එළියට දාලා තිබුණා.

ඒ ඉරියව් ඉදිරිපත් කරන අතරේ මැක්ස්වෙල් අපේ ටීම් එකේ දිල්ෂාන්ගේ දිල්ස්කූප් එක වගේම සනත්ගේ ප්‍රියතම පන්දුවන පහරදෙන ඉරියව් කිහිපයක් අනුකරණය කරලා පෙන්වන්න අමතක කළේ නෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles