Sunday, January 19, 2025

එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් ගැන PHI සංගමය අනතුරු අඟවයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරියේදී විශාල වශයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මතුව ඇති බවයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනය වීමේ වැඩි හැකියාවක් ඇති බවත් විශාලතම අවදානම මෙවැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තිබීමයි.

විදුලි කප්පාදුව හේතුවෙන් කොවිඩ් එන්නත්වල ගුණාත්මක තත්ත්වයට හානියක් සිදුවිය හැකි බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ බොහෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල පවතින විද්‍යුත් ජනන යන්ත්‍ර පහසුකම් ද සීමා සහිත බවයි.

මේ හරහා ජනතාවට ගුණාත්මක එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවන බැවින් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි උපුල් රෝහණ මහතා අදාළ අංශවලින් ඉල්ලා සිටියේ.

මෙි අතර කොවිඩ් වෛරසයේ විකෘති ප‍්‍රභේදයන් ඕනෑම මොහොතක හිස එසවිය හැකි නිසා ප‍්‍රජා වෛද්‍යවරුන්ගේ සහ වෛරස් පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් සහ විශ්ලේෂණයන් අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේය.

දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වීමත් කොවිඩ් ආශ‍්‍රිත මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස උස් පහත් වෙමින් පවතින බවත් ඔමික්‍රෝන් හෝ ඩෙල්ටා කොවිඩ් විකෘති ප‍්‍රභේදයන් සමග කොවිඩ් වෛරසය අවසන් වේ යැයි සිතීම පවා භයංකාර බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය අංශ සහ සාමාන්‍ය ජනතාව පවා කොවිඩ් අවසන් වේ යැයි විශ්වාසයෙන් පසු වුවත් නවතම කොවිඩ් විකෘති වෛරසයක් මතු වුවහොත් කුමක් කරන්නේදැයි නොදැන සිටීමත් ඒ සඳහා සූදානම් විය යුතු අංශ පෙර සූදානමක නොසිටීමත් නිසා රට අවදානමක පවතින බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles