Friday, September 20, 2024

එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න වගේ මුදලක් ගියා

කොරෝනා මර්ධන එන්නත්කරණය සඳහා රජය විසින් ඩොලර් මිලියන 400ක් වියදම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම දැවැන්ත මුදල් ප්‍රමාණය හම්බන්තොට වරාය ඉදි කිරීමට වැය වූ මුදල් ප්‍රමාණය හා සමාන බව ද ඔහු පැවසීය.

රජයක් ලෙස ලෝකයේ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් පළමු රටවල් 10 තුළ පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවද ඊට හේතුව මෙම සාර්ථක එන්නත්කරණය බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය පැවතියද රජය සංවර්ධන ක්‍රියාවලිය ද ඉදිරියට ගෙන යමින් ඇතැයිද කී ඒ මහතා එන වසර හතර තුළ දැවැන්ත සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී පැවසුවේ හම්බන්තොට වරායේ ඉදිකිරීම් ඒ වියදම ඩොලර් මිලියන 400 ක් ලෙස වුවද හම්බන්තොට වරායට අදාළ ගිවිසුමේ දැක්වෙන්නේ එම වියදම ඩොලර් බිලියන 1.4 ක් ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles