Tuesday, September 24, 2024

එන්නත්කරණයේ ශ්‍රී ලංකා වාර්තාව

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් තුන් ලක්ෂ 37,445 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දි තිබෙනවා.

එය එක් දිනක් තුළ මෙරටදී ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව පුද්ගලයින් දෙලක්ෂ 89,122 දෙදෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන තිස් හතර ලක්ෂ 17,525 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එකොළොස් ලක්ෂ 36,881 ක්.

 ඊයේ දිනයේදී ස්පුට්නික් පළමු මාත්‍රාව පුද්ගලයින් 15,202 දෙනෙකුට ලබාදී ඇති අතර එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් ලක්ෂ 54,003 ක්.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 700 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඒ අනුව ෆයසිර් එන්න්ත ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 23,767 ක්.

පුද්ගලයින් 36 දෙනෙකුට ඊයේ දිනයේදී කෙවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයන් ගණන හතලිස් පන් ලක්ෂ 20,537 ක් වනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් ගණන පහළොස් ලක්ෂ 37,230 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles