එන්නත්කරණයේ 100.33% ප්‍රතිශතය හරි….! ඒකට හිනා වුණේ නොදන්න අය…! – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

0
420

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධව ජාතික රූපවාහිනිය ප්‍රචාරය කළ සංඛ්‍යා ලේඛන වැරදි යැයි කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසයි.

එන්නත් ලබාදුන් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ ඇස්තමේන්තුගත ජනගහනය පදනම් කර ගනිමින් බවත් මේ වන විට ඇතැම් දිස්ත්‍රික්කවල අවුරුදු 30 වැඩි පුද්ගලයන් ප්‍රමාණය ඇස්තමේන්තුගත සංඛ්‍යාව ඉක්මවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ඇස්තමේන්තුගත ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති හෙයින් එක් මාත්‍රාවක් හෝ ලබාදුන් ප්‍රමාණය 100% ඉක්මවා ඇති බව හේමන්ත හේරත් සඳහන් කරයි. එන්නතරකණය පිළිබඳ සංඛ්‍යා ලේඛනවල කිසිදු දෝෂයක් නොමැති බව ද ඔහු පවසයි.

කෙසේ වුව ද ජාතික රූපවාහිනිය ප්‍රචාරය කළ එම සංඛ්‍යා ලේඛන සමාජමාධ්‍යවල දැඩි උපහාසයට ලක්විය.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here