Monday, September 23, 2024

එන්නත්කරණය වැඩකරයි. රෝහල් භාගයක් හිස්වේ. මෙහෙයුම සාර්ථකව අවසන් බව චීනය කියයි.

කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ කියාසිටියි.

කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලැබූ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ පසුගිය කාලයේ ප්‍රතිකාර ලැබූ සංඛ්‍යාවට වඩා බොහෝ අඩු සංඛ්‍යාවක් බවද ඔවුන් කියාසිටියි.

සංචාරණ සීමා පැනවීම මෙන්ම එන්නත් එන්නත්කරණයත් ජනතාව ආරක්ෂාකාරී ලෙස කටයුතු කිරීමත් රෝගීන් අඩු වීමට හේතුවූ බවද වෛද්‍යවරුන්ගේ අදහස වී ඇත.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ පසුගිය කාලයේ කොරෝනා ආසාදිතයන් හයසීයක් පමණ ප්‍රතිකාර ලැබූවල දැනට එහි සිටින්නේ 150ක පමණ ආසාදිත ප්‍රමාණයක් බවයි.

මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ‍්‍රී ලංකාවට එන්නත් සැපයීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කල බවයි.

චීන එන්නත් මාත‍්‍රා මිලියන 26ක් ශ‍්‍රී ලංකාවට ලබා දි අවසන් බවද කොළඹ සිටින චීන තානාපතිවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles