එන්නත්කරණ වැඩපිළිවෙල නිසා ඔමික්‍රොන් රැල්ලකට ඉඩක් නෑ

0
311

රටේ ඔමික්‍රොන් රැල්ලක් පැතිරෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් එවැනි තත්වයක් ඇති නොවනු ඇතැයිද බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔමික්‍රෝන්වලින් ගැලවීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම වැදගත් වන බවත් සෞඛ්‍ය නීති පෙර පරිදි අනුගමනය කිරිමටද වැදගත් වන බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

දැනට මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයන් 45 දෙනකු වාර්තා වී ඇති බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් ඔමික්‍රෝන් ආසාදිතයන් 41 දෙනකු සොයා ගනු ලැබුවේ සැකකටයුතු ජෛව පටල සාම්පල 176ක් ජාන අනුක්‍රමණ පරීක්ෂණ වලට භාජන කිරීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here