එන්නත්කරණ වැඩසටහන ඇරඹුන ද සෞඛ්‍ය පුරුදු පිළිපදින්න – GMOA

0
727
Healthcare cure concept with a hand in blue medical gloves holding Coronavirus, Covid 19 virus, vaccine vial

මෙරට එන්නත්කරණ වැඩසටහන ඇරඹුණ ද නිසි සෞඛ්‍ය ක්‍රමවේද ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

“මේ වෙලාවේ සෞඛ්‍ය අංශ දැඩි අර්බුදකාරී තත්ත්වයක සිටිනවා මේ වසංගතයට සෞඛ්‍ය අංශ ගොදුරුවීමත් සමගම. ඒ මගින් සෞඛ්‍ය ධාරිතාවයට දැඩි ලෙස බලපෑම් ඇතිවෙමින් පවතිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත තුළින් මේ වසංගතය අවසන්කර ගැනීමේ හොඳ දිශානතියකට එයි කියලා. නමුත් අපි ජනතාව පැහැදිලිව කියන්නට ඕනේ දේ තමයි මේ එන්නත පිළිබඳ පරික්ෂණ සිදුවන මට්ටමේ කියෙන්නේ. මේ එන්නත ලබාදුන්නා කියලා අපි පිළිපදින සෞඛ්‍ය පුරුදු, ඒ කියන්නේ මුඛ ආවරණයක් පැළඳීම ඒවාගේම අත් සෝදන එක,  ස්වසන ස්වස්ථතාවය පවත්වා ගැනීම සහ පුද්ගල දුරස්ථභාවය  කියන සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙන්නට ඕනේ. මොකද මේ එන්නත නිසා අපි යම් යහපත් ප්‍රතිචාර ලැබෙයි කියන බලාපොරොත්තුව තිබුණත්,  අපිට ඉදිරියේ මේ පරික්ෂණ දත්ත වාර්තා ලැබෙන තුරු ඒ සෞඛ්‍ය පුරුදු ඉදිරියේදීත් ජනතාව අනුගතවීම ඉතාම වැදගත්.“

මේ අතර, අද දිනයේ 2280 කට වැඩි පිරිසකට එන්නත ලබාදුන් බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

එසේ ලබාදුන් පළමු මාත්‍රාවෙන් සති 4කට පසුව දෙවැනි මාත්‍රාව ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here