Sunday, September 22, 2024

එන්නත්,ජංගම දුරකථන යට ඇඳුම්,රූපවාහිනී සහ ශීතකරණ ආනයන වියදම් වැඩි වෙයි

2021 වසරේ නොවැම්බර්
මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 19.7 කින් ඉහළ ගිය අතර, පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ ආනයනය කිරීම සැලකිය යුතු ලෙස අඩු වීම මධ්‍යයේ වුව ද,ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉහළ යෑම ඒ සඳහා හේතු විය.
බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් එන්නත්),විදුලි සංදේශ උපකරණ (ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන), රෙදිපිළි සහ උපාංග (ප්‍රධාන වශයෙන් යට ඇඳුම්) සහ ගෘහ උපකරණ (ප්‍රධාන වශයෙන් රූපවාහිනී සහ ශීතකරණ) ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන කාණ්ඩ කිහිපයක ආනයන වියදම් ඉහළ යෑම් වාර්තා කළේය.


මූලික වශයෙන් සීනි සහ ධාන්‍ය වර්ග හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සහල්) ආනයනය හේතුවෙන් ආහාර හා පානවර්ග ආනයන වියදම සියයට 9.1 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගියේය..
මේ අතර කිරි නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් කිරිපිටි)එළවළු (ප්‍රධාන වශයෙන් මයිසූර් පරිප්පු හා ලොකුළූණු),තෙල් සහ මේද වර්ග (ප්‍රධාන වශයෙන් පොල්තෙල්) සහ මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන් කරවල) ආනයන වියදමෙහි පහළ යෑමක් දක්නට ලැබුණි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles