Friday, September 20, 2024

එන්නත් කාඩ්පත නැතිව අනිල් ජාසිංහ ගුවන්තොටේ හිරවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ රැස්වීමකට සහභාගිවීමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයකට මුහුණ දී තිබේ.
එයට හේතුව කොවිඩ් 19 එන්නත් කාඩ්පත රැගෙන ඒමට අමතක වීම හේතුවෙනි.

එහිදී ලේකම්වරයාට ගුවන් යානයට ගොඩවීමට හැකියාව ලැබී නැති බව තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත්, එන්නත් කාඩ්පතේ ඡායා පිටපතක් තම ජංගම දුරකථනය වෙත ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහුට ගැටළුව විසඳාගෙන ගුවන් ගතවීමට හැකි වී තිබේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්හි රැස්වීමට සහභාගිවීම සඳහායි ඔහු මෙලෙස ඊයේ (03) දිවයිනෙන් පිටව යන ලදී.

එය හෙට සහ අනිද්දා යන දෙදින තුළ දකුණු කොරියාවේදී පැවැත්වේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ රටවල් 47 ක අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles