එන්නත් ගත් අවුරුදු 20ට වැඩි සියලු අයට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

0
407

කොවිවිඩ් මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කරගත් මෙරට වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාට තෙවන එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කර ඇත. එහිදී පළමුවෙන් වයස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තිබෙන පුද්ගලයින්ට, සෞඛ්‍ය සේවකයින්ට, ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කෙරේ.  

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් එන්නත්කරණය සම්පූර්ණ වී ඇත්තේ සියයට 83ක ප්‍රතිශතයක් පමණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here