එන්නත් ගැනීමෙන් කොරෝනා මරණ 11 ගුණයකින් වැළකෙන බව හෙළිවෙයි

0
362

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනය වී මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නොලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සී.ඩී.සී. හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිතව රෝහල්ගත කිරීමේ අවස්ථාවද දස ගුණයකින් අඩු බවයි.

සී.ඩී.සී. ආයතනය මඟින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛණ 03 ක් ඉදිරිපත් කර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව තහවුරු වී තිබෙනවා.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් වෙත 03 වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here