Friday, January 24, 2025

එන්නත් තුනම ගත්තද බලන්න App එකක්

පූර්ණ එන්නත්කරණයට  ලක්වූවන් හඳුනා ගැනීම සඳහා  පරිගණක යෙදවුමක්  හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන තහනම් වන නීතිය අප්‍රේල් 30  වෙනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ.

තමන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

බොහෝ රෝගින් මේ වන විට සමාජය තුළ හඳුනාගත නොහැකි මට්ටමේ රෝගී ලක්ෂණ නො පෙන්වන අය බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද ඔහු අවධාරණය කළේය.

හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එන්නත් ක්‍රියාවලිය අප්‍රේල් 30 පසු අවසන් කරන බවට තවම තීරණය කර නො තිබුණත් සෞඛ්‍ය අංශවලට තවදුරටත් මෙය අඛණ්ඩ ව පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වන විට සමාජයේ පවතින ඩෙංගු රෝගය සහ වයිරස් උණ රෝගය පිළිබඳ යම් බියක් ඇති නම් පරීක්ෂාවක් සිදු කර තහවුරු කරගන්නා ලෙසත් එය නො සලකා හැර සෞඛ්‍ය පුරුදු අතහැර කටයුතු කිරීමෙන් වළකින ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත්වසාන වශයෙන් අවධාරණය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles