එන්නත් තොග පිටින් එයි..!

0
302

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් එන්නත් මාත්‍රා මිලියන දෙකකට ආසන්න තොගයක් අද (08) අලුයම දිවයිනට රැගෙන ආ බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

මේ අතර කොළඹ නගර සීමාව තුළ මෙතෙක් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් වයස අවුරුදු 30 ඉක්මවු පුද්ගලයින්ට  සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයට පැමිණ අද දිනයේ ද එන්නත ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here