එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින්?

0
477

පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් සහ දෙවන මාත්‍රාව තවත් එන්නත් වර්ගයකින් ලබාදීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (14) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබාදීම පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවය.

“එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබාදීම පිළිබඳව ලෝකය පුරා පරීක්ෂණ කෙරිලා තියෙනවා. ඒවායෙන් ලබාගත් දත්ත තියෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ නිගමනයකට එළඹීමට ඖෂධ නියාමන අධිකාරිය සහ වසංගත රෝග පිළිබඳ උපදේශක කමිටුව මේ පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒක දීමට සුදුසු බවට හරියටම සහතික කරන තෙක් එවැනි නිර්දේශයක් කෙරෙන්නේ නෑ. නැවතත් අවධාරණය කරන්නේ, ඒක අධ්‍යයනය කරමින් තිබෙන බවයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here