එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම්

0
314

එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව සියයට 100කට පමණද දෙවෙනි මාත්‍රාව සියයට පනස් හයකට පමණද ලබාදී අවසන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා මේ මස අවසන් වීමට පෙර තවත් සැලකිය යුතු පිරිසකට එන්නත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවද ප්‍රකාශ කළේ‍ය.

මීළඟට ප්‍රමුඛත්වය දැක්විය යුත්තේ වයස 30ට පහළ අයට එන්නත ලබාදීම සම්බන්ධයෙන්ද එසේ නැතිනම් වයස 60ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් දැයි සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here