Monday, September 23, 2024

එපා කිව්ව පොහොර නැව මඟ එයි – හතරදෙනාගේ කල්ලියක් සිද්ධිය පිටුපස

චීනයෙන් ගෙන්වීම නතර කර තිබූ පොහොර තොගය රැගත් නැව මෙරටට පැමිණෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්තකෝන් මහතා පැවසීය.

මෙම පොහොර තොගයේ ගොවිතැනට අහිතකර බැක්ටීරියා පවතින බවට සිදුකරන ලද පරීක්‍ෂණවලින් හෙළිවීම නිසා පොහොර මෙටි‍්‍රක් ටොන් 93,000 ක් චීනයෙන් මෙරටට ගෙන්වීම අත්හිටුවා තිබිණි.

එහෙත් පොහොර තොගය ඒ වන විට නැව්ගත කර තිබූ බවත්, එය මෙරටින් ප‍්‍රතික්‍ෂේප කළත් ගිවිසුම් ගත වී තිබෙන ආකාරයට පොහොර තොගය මෙරට විසින් භාරගත යුතු නිසා අදාළ පොහොර නැව සිංගප්පූරුව හරහා මැලේසියාව පසුකරමින් මෙරටට ළඟාවෙමින් තිබෙන බවත් ඔහු කීය. මෙම පොහොර නැව ලබන සඳුදා වන විට මෙරටට ළඟාවනු ඇතැයි ද ඔහු කීය. මෙම පොහොර ගෙන ඒම පිටුපස කෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරදෙනාගේ කල්ලියක් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

වාර්තාව – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles