Tuesday, September 17, 2024

එමි­රේට්ස් කොළ­ඹට සේවා ආරම්භ කර 35 වන වසර සම­රයි

එමිරේට්ස් විසින් ගුවන් සේවා තුළින් ශ්‍රී ලංකාව ලෝකය සමඟ සම්බන්ධ කිරීමේ 35 වන වසර අප්‍රියෙල් 1 දා සමරන ලදි. එමිරේට්ස් විසින් 1986 වසරේදී ශ්‍රී ලංකාවට සේවා අරඹා මේ දක්වා මිලියන 08 කට වැඩි ගුවන් මගීන් සංඛ්‍යාවක් කොළඹට සහ කොළඹින් ප්‍රවාහනය කර තිබෙන අතර පැමිණ ආපසු යන ගුවන් ගමන් 49,000 කට වැඩි සංඛ්‍යාවක් මේ දක්වා ක්‍රියාත්මක කර තිබේ. එමිරේට්ස් විසින් මේ වනවිට ශ්‍රී ලංකාවට සතියකට ගුවන් ගමන් හයක් ක්‍රියාත්මක කරන අතර ඩුබායි හරහා එමිරේට්ස් ජාලයේ ගමනාන්ත 90 ක් වෙත ගුවන් මගීන් සම්බන්ධ කරනු ලබයි.

Boeing 777-200LR යානයක් යොදාගනිමින් එමිරේට්ස් විසින් 1986 අප්‍රියෙල් 01 වැනිදා මුලින්ම කොළඹට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී. ගුවන් මගීන්ගෙන් ලැබුණු ඉල්ලූම වැඩිවීම හමුවේ සමාගම විසින් 1997 වසරේදී Boeing 777-300ER ගුවන් යානා යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සේවා පුළුල් කිරීමට කටයුතු කළේය. අද වනවිට ගුවන් මගීන්ට ගුවනේදී සහ ගොඩබිමදී ඉහළම පහසුකම් සපයමින් කොළඹට පළමු පන්තියේ සේවා සපයන එකම ජාත්‍යන්තර ගුවන් සමාගම බවට එමිරේට්ස් පත්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles