Tuesday, September 17, 2024

එල්ටීටීඊය වළ දැමූ රත්රන් ගන්න ගිය ඇමති සරත්ගේ ලේකම්ගේ සේවය අත්හිටුවයි

යුද සමයේදී මුලතිව්, පුදුකුඩියිරුප්පු ප්‍රදේශයේ වළ දමා ඇති බව කියන රත්රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත් කළ බවට චෝදනා එල්ල වී ඇති ලේකම්වරයාගේ සේවය වහාම අත්හිටුවා පරීක්ෂණයක් කර වාර්තාවක් දෙන ලෙස මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඇමැති සරත් වීරසේකර මහතා පැවසුවේ මේ වනවිට එම නිලධාරියාට චෝදනාවක් පමණක් එල්ල වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහා එම නිලධාරියා සේවයෙන් ඉවත් කරන ලෙසට උපදෙස් දුන් බවද හෙතෙම කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයට අයත් ලේකම්වරු දෙදෙනකු පිළිබඳ මේ වනවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

යුද සමයේදී එල්.ටී.ටී.ඊය විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළ දැමූ බව කියන රත්රන් තොගයක් අධිකරණ නියෝගයකට අනුව මේ මස 25 දා ගොඩගැනීමට නියමිතව තිබූ අතර, පසුගිය දින කිහිපය පුරා අදාළ ප්‍රදේශයේ මහවිරු සතිය පැවතීම හේතුවෙන් කැණීම් කටයුතු අද (2) දක්වා කල් දමා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles