Thursday, January 23, 2025

ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

කිසිම එන්නත් මාත්‍රාවක් නොගෙන ස්වකීය විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තිය පිළිබඳව පමණක් විශ්වාසය තැබූ ප්‍රකට වෙදැදුරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා මෙන්ම ලෝකයේ සුවිශේෂී ප්‍රභූවරුන්ගේ වෛද්‍යවරයා ලෙසට සේවය කළ එලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරැවෙිදී මියගොස් ඇත.

කොවිඩ් තත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 9 වනදා කොවිඩ් අසදිතව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ අතර පසුව අසාධ්‍ය වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබිණි.ඉන් අනතුරැව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ද යොමු කර තිබුනේ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහායි.කෙසේ වෙතත් කොවිඩ් අසාදනය වීම ඔහුගේ මරණයට හේතුව බව පැවසේ.

නාවික හමුදා කොවිඩ් පොකුර , මිනුවන්ගොඩ පොකුර , පෑලියගොඩ කොවිඩ් පොකුර මර්දනය කලේ තමා යයි ද එලියන්ත වයිට් පැවසු අයුරු සිහිපත් වෙි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ බව ද ඔහු පැවසු අතර ඔහුගේ පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව ද තහවුරු වී තිබේ.

විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්නෙකු ලෙස පෙනී සිටි එලියන්ත් වයිට් පසුගියදා බෙහෙවින්ම ආන්දෝලනයට ලක් වූයේ කොරෝනා වලට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් ගඟේ මුට්ටි පා කිරීමත් සමඟිනි.නාවික හමුදා නිලධාරීන් හරහා කොවිඩ් වෛසරය රටපුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, කුණ්ඩලිනී යෝගය භාවිතා කරමින් කොවිඩ් රෝගීන් විශාල ප්‍රමාණයක් සුවපත් කිරීමට ඒලියන්ත වයිට් මහතා කටයුතු කළ බව පසුගිය දිනවල දී වාර්තා පල විය. ගංගා ජලයේ පැන් කල පා කර යැවීම හරහා කොරෝනා මර්දනය කළ හැකි බව පළමුවරට හඳුන්වා දුන්නේද වයිට් වෛද්‍යවරයායි. ඒ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමතිනිය ඇතිලු මැති ඇමතිවරු කලගෙඩි ගඟට දමා කොවිඩ් පාලනය කිරීමටද උත්සහ ගැනුණි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා දැක්වූ දායකත්වය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ආරාධනා ලැබුණු බවද ඒලියන්ත වයිට් මහතා පසුගිය කාලයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles