Friday, September 20, 2024

එස් .බී ට කැබිනට් ඇමතිකමක් දුන්න නිසා ලොහාන් කළකිරීමෙන්

සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කණස්සල්ලට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායක මහතාද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක් විය.

ලොහාන් රත්වත්තේ මහතා තම හිතවත් පිරිස් සමග සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයන්ටද මෙම රජයේ කැබිනට් අමාත්‍ය ධුර හිමිවීම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

ඔහු ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දෙනා හැර යද්දී තමන් සමග දිගටම සිට ඔහු අරක්ෂා කල බවද රත්වත්තේ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

පිල් මාරු කර පසුගිය ආණ්ඩුවේ ඇමතිකම් දැරූ පුද්ගලයින්ට ද මෙම රජයේ අමාත්‍ය ධූර හිමිවීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කිරීමට ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කටයුතු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතකු බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles