එළඹෙන කොවිඩ් කමිටුව මඟින් ලබා දෙන උපදෙස් මත දුම්රිය ධාවනයට කටයුතු කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

0
438

ඔක්තෝබර් මස 15 වන දින සිට දුම්රිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති නමුත් එසේ දුම්රිය ධාවනය පිළිබඳව නිශ්චිතව තීරණය කිරීම ලබන සතියේ දී රැස් වන කොවිඩ් කමිටුව විසින් නිකුත් කරන උපදෙස් අනුව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කරන උපදෙස් මත සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා (08) රජයේ නිල වෙබ් අඩවිය විසින් ඔක්තෝබර් 15 වන දින සිට පොදු ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සිදු කළ විමසුමේ දී කියා සිටියේය.

ඒ අනුව, තවමත් දුම්රිය ධාවනය පිළිබඳව නිශ්චිතව තීරණයක් ගෙන නොමැති බවත්, උපදෙස් ලැබෙන ආකාරයට අනුව දුම්රිය ධාවනය ක්‍රියාත්මක වීමට දුම්රිය දෙපාර්තමේන්තුව සුදානමින් සිටින බවත් හෙතෙම මෙහි දී කියා සිටියේය.

කෙසේ වුව ද, එසේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ හොත්, කර්යයාලයීය මඟීන් සඳහා දුරගමන් දුම්රියයන් කිහිපයක් ශීඝ්‍ර ගාමී කිරීමට ද, ධාවනය සඳහා කාර්යයාලයීය දුම්රියයන් 130 පමණ වැඩි කිරීමට ද, කුරුණෑගල වේයන්ගොඩ,පානදුර යන දුම්රිය ස්ථාන වලින් ව්ශේෂ කාර්යයාල දුම්රිය කිහිපයක් ද ධාවනය කිරීමට ද සැළසුම් කොට ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here