එළඹෙන සදුදා (20) රජයේ නිවාඩු නෑ

0
382

ජුනි මස 20 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ එළැඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්. දඩල්ලගේ මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු විසින් ද අවධාරණය කළේ එළැඹෙන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here