එළවළු මිල දිනෙන් දින වැඩි වීම නිසා මිලදී ගැනීමේ අඩුවක්

0
293

එළවළු මිල තවදුරටත් වැඩිවෙමින් පවතින බව වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා.

අදදිනයේදීද මැනිං වෙළඳපොලට අනෙකුත් දිනවලට සාපේක්ෂව වැඩි වශයෙන් එළවළු ලැබුණ ද, ඒවා ඉහළ මිලක පැවති බවයි වෙළඳුන් ප්‍රකාශ කළේ.

මේ අතර නුවරඑළිය සති පොළේ උඩරට සහ පහත රට සෑම එළවළු වර්ගයක මිල රුපියල් හාරසිය පනහෙන් ඉහළට පැවතීම නිසා එළවළු මිලදී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

එම සති පොළේ වෙළඳුන් පවසන්නේ එවන් තත්ත්වයක් තුළ තමන්ට එළවළු වෙළඳාමෙන් ඉවත්වී වෙනත් ව්‍යාපාරවලට යොමු වීමට සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here