එළවා දමන්නට නියමිතයි නිකම් නෙමෙයි ගල් ගහලා!

0
323

වත්මන් ආණ්ඩුවට ජනතාව ගල් ගසා එළවීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එය වසා ගැනීමට ජනාධිපතිවරයා එක රටක් එක නීතියක් ඇති කරන බව කියමින් බළකා පත්කිරීම හරහා ජාතිවාදය අන්තවාදය ඇති කිරීම සදහා නින්දිත උත්සාහයක යෙදෙන බවයි.

එහි ප්‍රධානියා අලුත්ගම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෛන් චෝදනා ලැබූවකු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ඉදිරියේදී වද කොත්තු වද පෙති නැවත රට ඇතුළේ මාතෘකාවක් විය හැකි බව මන්ත්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා කුමක් කියන්නේද යන්න සම්බන්ධයෙන් බලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here