එළැඹෙන මාසය සඳහා ඉන්ධන ගෙන්වන්න ඩොලර් නෑ.තෙල් සංස්ථාව දැඩි අර්බුදයක ?

0
340

එළැඹෙන මාසය සඳහා ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 420 ක මුදලක් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ පා සිටී.

මෙම මුදල මුදල ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා අවසන්වරට පැවති කැබිනට් මණ්ඩලයේදී ඉල්ලීමක් කර ඇතත් මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැතැයිද වාර්තා වේ.

තෙල් සංස්ථාවට රුපියල් උපයාගත හැකි නමුත් ඩොලර් උපයාගත නොහැකි බව ද පවසා ඇති අමාත්‍යවරයා මෙම තත්ත්වය මත ඉන්ධන ගෙන්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි ද පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here