එළියට යා හැක්කේ හැදුනුම්පතේ අංකය අනුව පමණි!

0
588

අද දිනයේ සිට ලබන මැයි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ සිට එක් දිනයකදී නිවසකින් පිටවිමට අවසර දී ඇත්තේ එක පුද්ගලයෙකුට පමණයි. එය තීරණය වන්නේ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි. අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලද, එය ඔත්තේ අංකයක් නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැරව යා හැකිය, අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙන අතර රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවේදී මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here