එළුමස් පරිභෝජනය ඉහළට

0
354

මෙරට එළුමස් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එළුවන් අභිජනන කටයුතු හා වාණිජ ගොවි‍‍පොළවල් සඳහා පට්ටි එළුවන් සැපයීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බෝයර් වර්ගයේ ගැහැණු එළුවන් 90ක් හා පිරිමි එළුවන් 10ක් ආනයනය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම විවිධ සමාජයීය හේතු නිසා ගවමස් පරිභෝජනය පහළ යාමට සමගාමීව එළුමස් පරිභෝජනය සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බවත් මෙරට එළුමස් නිෂ්පාදනය එම ‍ඉල්ලුම සපුරා ලීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් අදාළ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here