Thursday, December 26, 2024

එ.ජාතීන්ගේ, ලංකාවේ ස්ථාපිත ඒඩ්ස් කාර්යාලය අද සිට වැසේ..

අදසිට, ශ්‍රී ලංකාවේ පවතින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්‍යාලය වසා දැමීමට ස්‌විස්‌ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම වැඩසටහනෙහි මූලස්‌ථාන කාර්‍යාලය තීරණය කර ඇති බව සඳහන් වෙනවා. එම වැඩසටහන් කාර්‍යාලයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්යාලය හරහා මෙරට ක්‍රියාත්මක වූ ජාතික HIV ඒඩ්ස්‌ වැඩපිළිවෙළට අදාළ මෙරටින් ඒඩ්ස්‌ රෝගය තුරන් කිරීමේ නිවාරණ හා ප්‍රචාරණ වැඩසටහන් අදින් පසු ක්‍රියාත්මක නොවන බවයි.

ඒඩ්ස්‌ වැඩසටහන් කාර්‍යාලය වසා දැමීමත් සමඟම ඒ හරහා ක්‍රියාත්මක වූ ඒඩ්ස්‌ නිවාරණ/ප්‍රචාරණ වැඩසටහන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සෙසු කොටස්‌කාර සංවිධානයන් හරහා ක්‍රියාත්මක කෙරෙණු ඇති. වාර්තා වෙන අන්දමට, මෙරට එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහන් කාර්‍යාලයට මූලස්‌ථාන කාර්‍යාලයෙන් HIV/ඒඩ්ස්‌ නිවාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල් ප්‍රමාණවත් නොවීම මත හටගත් අර්බුදකාරී තත්ත්වය එම වැඩසටහනෙහි මෙරට කාර්‍යාලය වසා දැමීමට හේතුවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles