Sunday, September 22, 2024

ඒකරාශිවීම් වැළැක්වීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියටම ඇවිත්

කොවිඩ් 19 වයිරසය පාලනය කිරීම සඳහා සමාජ ඒකරාශිවීම් වළක්වන්නට සාධනීය පියවර ගැනීම අතින් දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

එන්නත්කරණය අතින් ද එම කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පවතින බව එහි දැක්වේ.

සමාජ ඒකරාශිවීම් වැළැක්වීමට සාධනීය පියවර ගනු ලැබූවද මෙරට ජනතාව නිවෙස්වල රැඳී සිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක් ගන්නා බවත් එම වාර්තාවේ සඳහන් වේ.

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත් කරන මේ වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ කරුණු රැසක් එළි දක්වා තිබේ. මේ වාර්තාව ඉකුත් 9 දා සිට 15 දක්වා වූ සතියට අදාළව නිකුත් කරන ලද්දකි.

එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට 15.8ක් බවද එහි දැක්වේ.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනා ගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනා ගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නැති බවද එම වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ පසු වන බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles