Thursday, October 31, 2024

ඒකාබද්ධයට හයිඩ් පිටිය අහිමි වෙයි..

කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් අද (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පවසනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද ඔහු විසින් කර ඇති වෙන්කිරීම අනුව ලබන 1 වැනිදාට හයිඞ් පිටිය ලබානොදෙන බවත්, ඉදිරි වෙන්කිරීම් සියල්ල ද අවලංගු කර ඇති බවත් කොමසාරිස්වරයා කියා සිටියා.

හයිඞ් පිටිය වෙන්කරගත් අයදුම්කරුවන්ට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හෝ අලූත්වැඩියා කටයුතුවලින් පසු වෙනත් දිනයක් වෙන්කරගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතධාරීන්ගේද විරෝධය පලව තිබෙනවා

පසුගිය ජනපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට රැළි පැවැත්වීමට ක්‍රීඩාංගන ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඒ හේතුවෙන් පොදු අපේක්ෂකයාට ක්‍රීඩාංගන ලබාදුන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙනුයි.
එහෙත් යහපාලන රජය හිටපු ජනාධිපතිවරයාගේ මට්ටමටම ඇද වැටෙන්නේදැයි කල්පනා කර තීරණ ගැනීම අතිශයින්ම වැදගත් වන්නේ නැතහොත් මෙම පාලනයන් දෙකම එකක්සේ පෙනීමට ඉඩ ඇති බැවිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles