Saturday, September 21, 2024

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුවේ බහුතරයකට අපරාධමය චෝදනා..

කුමාර වෙල්ගම – ලංකා ගමනාගමන මණ්ඩලය තුළ උප සභාපති තනතුරක් ස්ථාපිත කිරීම තුළින් රජයට රුපියල් මිලියන 3යි දශම 2ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරා ඇප මත මුදා හැර සිටී.

ජනක බණ්ඩාර තෙන්නකෝන් – පුද්ගල ඝාතන 2ක් සම්බන්ධ චෝදනා මත ඇප මත මුදා හැර සිටී.

විමල් වීරවංශ – ගමන් බලපත් දෙකක් භාවිතය/ ඥාතී සංග්‍රහය

කෙහෙළිය රඹුක්වැල්ල – රාජ්‍ය මාධය ආයතනයක් වෙනුවෙන් යකඩ බට මිලදී ගැනීමේ සිද්ධිය / ප්‍රතිකාර සදහා රජයේ මුදල් භාවිතය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – වත්කම් හෙළි නොකිරීම / සතොස ගණුදෙනු

රෝහිත අඛේගුණවර්ධන – වත්කම් හෙළි නොකිරීම

නාමල් රාජපක්ෂ – මුදල් විශද්ධිකරණ පනතට අදාළව හා ගුවන් යානා අවභාවිතයට අදාළ පරීක්ෂණ ක්‍රියාත්මකය.

ප්‍රසන්න රණතුංග – ව්‍යාපාරිකයකුගේ බලෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධිය – ඇප මත නිදහස්

තේනුක විදානගමගේ – එජාප පාක්ෂිකයින් පිරිසකට පහරදීමේ චෝදනා ලැබ සිටී.

උදය ගම්මන්පිල – විදේශිකයකු සතු කොටස් ව්‍යාජ ඇටර්නි බලපතකින් වංචා කිරීමට අදාල චෝදනාව

සනත් නිශාන්ත – 1999 දෙසැම්බර් මස 20 වැනි දින පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ආරච්චිකට්ටුව ඡන්ද මධ්‍යස්ථානය අසලදී එවකට හලාවත පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක නවරත්න මහතා ඇතුඵ නිලධාරීන් කිහිපදෙනෙකුට තුවාල වන අයුරින් අත්බෝම්බයකින් පහරදීමේ චෝදනාව මත සනත් නිශාන්ත පෙරේරා මහතා විත්තිකරුවෙකු කරවමින් පොලිසිය විසින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවක් පවතී.

ගීතා කුමාරසිංහ – ද්විත්ව පුරවැසිභාවය සහිතව මැතිවරණයට ඉදිරිපත්වීම

මහින්දානන්ද අලුත්ගමගේ – වත්කම් සම්බන්ධ නඩු (FB)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles