Saturday, September 21, 2024

ඒරොෆ්ලොට් ආපසු පියාඹයි!

රුසියාවේ ඒරොෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් 06ක් සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මෙලෙස අප්‍රේල් 01 වැනිදා සිට ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් 06ක් සමඟ ගුවන් ගමන් ආරම්භ කිරීමට තීන්දුව ගෙන ඇත්තේ රුසියානු නියෝජ්‍ය අගමැතිනි තත්යානා ගොලිකෝවාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එරට මහජන සෞඛ්‍ය පාලනාධිකාරියයි.

ඒ අනුව රුසියාවේ නගර කිහිපයක සිට ජර්මනියේ නගර කිහිපයක් දක්වා අප්‍රේල් 01 වැනිදා සිට සතියකට ගුවන් ගමන් වාර 18ක්ද අනෙක් රටවල් සමඟ එක් ගුවන් ගමන් වාරයක්ද ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම දැනටද ගුවන් ගමන් අරඹා ඇති කියුබාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, බෙලරුසියාව, ආර්මේනියාව සහ අසර්බයිජානය සමඟ දැනට ඇති ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමටද එම රැස්වීමේදී තීරණය කර තිබේ.

2019 වසරේ සිරියම් සංචාරක දත්ත විශ්ලේෂක සමාගම විසින් පළ කළ දත්ත අනුව ලොව වෙලාවටම වැඩකරන ගුවන් සමාගම ලෙස රුසියාවේ ඒරොෆ්ලොට් සමාගමද, මොස්කව් ගුවන්තොටුපොළ කලට වෙලාවට වැඩකරන ගුවන් තොටුපළද විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles