Sunday, September 22, 2024

“ඒ වගේ වැඩක් කරන්න මා මෝඩයෙක් නොවේ.මට පිස්සු නෑ. මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න.මාධ්‍යයෙන් කියන්නේ බොරැ.” ලොහාන් සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරයි

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි. එම බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා පෙර දැනුම්දීමකින් තොරව තමන් එහි ගිය බවද ඔහු කියා සිටී.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ට තමන් තර්ජන නොකළ බව පැවසූ ඔහු එසේ කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවද සාමාන්ය පරීක්ෂණයක් සඳහා පමණක් එහි ගිය බවත් ඔහු පවසයි.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹිම සදහා තමා සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස සහභාගී වූ නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමග එක් නොවූ බවත් ඔහු කියයි.
විෂයභාර අමාත්‍ය වරයා ලෙස තමන්ට රට පුරා ඇති බන්ධනාගාර විසිනවයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක යාමට හැකි බවත් තමන් කිසිවකුට නොදන්වා එහි ඇතුළු වන්නේ ඒවායේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් ඔහු සදහන් කලේය.
තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැහැදිලි කරන බවත් පවසන ඔහු මැණික් සහ ස්වර්ණාභාරන ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග අදහස් පල කරමිනි.

මෙි අතර බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් කළේ ඇයි පල පල වී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

බීබීසී සේවය වෙත පවසා ඇත්තේ තමන්ට ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය ඇති බවයි.

තමන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න මිස මාධ්‍ය වල වාර්තා කරන දෙයක් සිදුවී නැති බවත් සඳහන් කර තිබේ.

සිරකරුවන් දනගස්වා තර්ජනය කළේ යැයි එල්ලවන චෝදනා ගැන විමසීමේදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකටද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන ඉන්නවනේ’ යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles