ඓතිහාසික පන්සලක් ඩෝසර් කරලා?

0
591

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

එම ස්ථානයේ තිබු ඓතිහාසික ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත.

අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල් ගසා තිබෙන බවද සුමනරතන හිමියෝ පවසා සිටියහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ කරන ලද මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබෙන අතර මෙම ස්ථාන සියල්ලම අනාරක්ෂිත තත්ත්වයෙන් තිබෙන බවද කියා සිටියහ.

මේ පිළිබඳව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අරුණ කුමාර නිල්මල්ගොඩ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් මෙම ස්ථානය වෙන් කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.

මෙම ප්‍රදේශය වී වගා කිරීමට සූදානම් කරන විට පුරාවිද්‍යා ස්ථානවලට හානි සිදුකර තිබේ නම් එයට විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ada

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here